උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය පීලි අලුත්වැඩියා කිරිම සඳහා දුම්රිය පීලි රැගෙන ගිය දොඹකරය සහිත ට්‍රැක් මෝටර් රථයේ එන්ජිම අවස්ථා දෙකකදී පීලි පැනීම හේතුවෙන් ඇණ හිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු පැය 4කට පසු යලි යථා තත්ත්වයට පත් කෙරුණි.

එම දුම්රියේ එන්ජිම පළමුව  හැටන් සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතර 105 ½ සැතපුම් කණුව අසළ පීලි පැනීමෙන් පසු එම එන්ජිම පීලි ගත කර හැටන් දක්වා ධාවනය කරවන අවස්ථාවේ යලිත් එම දුම්රියේ එන්ජිම හැටන් දුම්රිය ස්ථානය අසළදී පීලි පැනීමට ලක් විය

පසුව එම එන්ජිමද යලිත් පීලි ගත කිරිමෙන් පසු අද (05) දින පස්වරු 2:00ට උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යලි යථා තත්වයට පත්  කෙරුණි