හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න අත්අඩංගුවට ගැනීම පිළිබඳව මාධ්‍යයට කළ ප්‍රකාශයකට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද සළකා බැලෙනවා.
හිටපු එල් ටී ටී ඊ නායකයෙකු කරන ලද ප්‍රකාශයක් මත හිටපු නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගත් බවට තමන් කළ ප්‍රකාශය ජනවර්ග අතර අසමගියක් ඇති කිරීමේ අරමුණෙන් සිදු කළැයි සඳහන් කරමින් තමන් කොයි මොහොතේ හෝ තමන් අත්අඩංගුවට ගැනීමේ අවදානමක් ඇතැයි සඳහන් කරමින් ඔහු මෙම පෙත්සම ගොනු කර තිබුණා.
හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු පිරිසන් නම් කර තිබෙනවා.