‘ICCPR සම්මුතියත් දේශපාලන දඩයමට භාවිත කරලා: පරීක්ෂණයක් අවශ්‍යයි’

දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය හෙවත් ICCPR සම්මුතිය හරහා යම් යම් අවස්ථාවලදී පුද්ගලයකුගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට, දේශපාලන දඩයම් කිරිමට භාවිත කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මේ නිසාම කොටස් 6කින් යුත් පරීක්ෂණයක් හරහා මෙම සම්මුතිය උල්ලංඝනය කර ඇත්ද කියා තීන්දු කළ යුතු බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක කාර්යාලයේදී උදය ගම්මන්පිලගේ නායකත්වයෙන් යුත් පිවිතුරු හෙල උරුමයේ සාමාජිකයන් සමග පැවැති හමුවකදීය.

දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය හෙවත් ICCPR සම්මුතිය නිර්මාණය වූයේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට බවයි ඔහු පවසන්නේ.

මෙම මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් නිර්මාණය වූ ප්‍රඥප්තිය දේශීය වශයෙන් අනපනත් හරහා බල ගැන්වී ක්‍රියාත්මක වනවිට දේශපාලන දඩයම් කිරිමට භාවිත කර ඇති බව විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.

කරන කියන දේ ප්‍රකාශ, සංදර්භය, ප්‍රකාශයේ අන්තර්ගතය හා ස්වාභාවය මෙන්ම ආසන්න ලෙස සිදුවිය හැකි හානිය ආදි පදනමක් මෙන්ම කොන්දේසි මාලාවක් පරික්ෂණයක් ලෙස සිදුවන බවයි ඔහු චෝදනා කරන්නේ.

කරුණාකර මේ සම්මුතිය උපයෝගී කර ගෙන මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසයි විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලා සිටින්නේ.

මානව අයිතිවාසිකම් කඩකිරීම් දේශපාලන පළිගැනීම් ක්‍රියාත්මක නොකරන ලෙසත් ඔහු රජයෙන් ඉල්ලා සිටිනවා.

අදාළ සම්මුතිය වැරදි ආකාරයට භාවිත නොකරන ලෙසත් මෙහි සැබෑ අරමුණ මත ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියාසිටියා.