ලංවිම සියලු වෘත්තීය සමිති අද අකුරට වැඩ

ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තීය සමිති අද (04) අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය, නීති විරෝධී අයුරින් සේවකයන් අපහසුතාවට පත් කරමින් සිදු කිරීම, හිඟ දිරි දීමනා සහ උසස්වීම් ඇතුළු ඉල්ලීම් 16ක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.

මේ සඳහා නිසි පිළිතුරක් නොලැබුණහොත්, ඉදිරියේදී තවත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.