රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය වැඩ වර්ජනය අද ( 04) තුන්වන දිනටත් ක්‍රියාත්මකවනවා.
රෝහල් අධ්‍යක්ෂවරයාට එරෙහිව පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත් වීම හේතුවෙන් මෙම වර්ජනය දිගටම පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව අද උදෑසන 8 සිට ඉදිරි පැය 24 සඳහාද වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට රෝහල් ශාඛා සංගමය තීරණය කර තිබෙනවා.
හෙට දිනයේදී ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳව තීරණයක් ගන්නා බවද එම සංගමය සඳහන් කළා
Latest News
රත්නපුර රෝහල් වර්ජනය තුන්වන දිනටත්