මෙවර ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණ 198

2025 වසරට අදාල ශිෂ්‍යත්ව විභාගයෙන් දිස්ත්‍රික් කඩයිම් ලකුණ ඉක්ම වූ සිසුන් ගණන 51,969ක් බවත් එය ප්‍රතිශතයක් ලෙස 17.11%ක් බව විභාග කොමසාරිස් . කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ පවසනවා.

කොමසාරිස්වරිය මේ පිළිබඳව පවසා සිටියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් අද පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයි.

මුළු ලකුණු 70ට වැඩියෙන් ලබා ගත් සිසුන් ගණන 213,872 ක් බවත් ප්‍රතිශතයක් ලෙස එය 70.3%ක් බවයි ඇය පවසා සිටියේ.

සිංහල මාධ්‍යයෙන් ලකුණු 198ක් ලබා ගෙන ඇති අතර දෙමළ මාධ්‍යෙන් සිසුන් ලබාගෙන ඇති වැඩිම ලකුණ ගණන වන්නේ 194ක්.

සිංහල මාධ්‍යෙන් 198 ලකුණ හිමිකරගෙන ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ සිසුවෙක් බවත් 194 දමිළ මාධ්‍යයෙන් හිමිකරගෙන ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයේ සිසුවෙක් බවයි කොමසාරිස්වරිය පවසා සිටියේ.

ප්‍රතිඵල මත පළාත් මට්ටමින් වැඩිම සාධනයක් පෙන්නුම් කරනුයේ සබරගමුව පළාත බවත් එය ප්‍රතිශතයක් 74.59% ලෙස බවයි ඇය එහිදී පවසා සිටියේ.

දෙවන ස්ථානය දකුණු පළාතට හිමිවන අතර එය ප්‍රතිශතයක් ලෙස 72.82%ක්.

දිස්ත්‍රික් අනුව ලකුණු 70 හෝ ඊට වැඩියෙන් ලබා ගත් සිසුන් වැඩිපුර ගණනන් සිටින්නේ කුරුණෑගල, හම්බන්තොට සහ කෑගල්ල දිස්ත්‍රික්කයි.

නැවත සමීක්ෂණ සඳහා අභියාචන භාර දීමේ අවසන් දිනය පසුව දනුම්දෙන බවයි විභාග කොමසාරිස්වරිය වැඩිදුරටත් පවසා සිටියේ.