බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අම්පාර, මඩකලපුව සහ මොණරාගල දිස්ත්‍රික්කවල පස්වරු 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30-40 ක් පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
අද (04) දහවල් 12:09ට රාගම, කිරිඳිවැල, රුවන්වැල්ල, නාවලපිටිය සහ ලුණුගල ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.