බණ්ඩාරගම පොලිස් වසමේ බොල්ගොඩ පාලම ආසන්නයේදී පසුගිය 21 වැනිදා පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් කළුතර අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන ආරම්භ කර තිබුණා.
පානදුර දකුණ පොලිස් වසමේ හිරණ ප්‍රදේශයේදී කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත එම අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු ඊයේ (02) අත්අඩංගුවට ගෙන බණ්ඩාරගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23ක් වන හිරණ, පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.