අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත රැගෙන ආ, රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දී යළි බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.
පසුගියදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයට අනුවයි ඔහු අදාළ ප්‍රකාශය ලබාදී ඇත්තේ.
ඒ අනුව 2012 වසරේ කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් විදෙස් සමාගමකට පැවරීම තුළින් රජයට ලක්ෂ 262 කට වැඩි පාඩුවක් සිදුකළ බවට ඔහු එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගැණුනා.