රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය නිසා එක්සත් ජාතික පක්ෂ සංවත්සරය කල් යයි

එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සර උත්සවය කල් දැමීමට පක්ෂයේ කළමනාකරණ කමිටුව තීරණය කර තිබෙනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය ද සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

කල් දමනු ලැබූ 79 වැනි සංවත්සර උත්සවය මේ මාසයේම වෙනත් දිනයක පැවැත්වීමට පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරළ වැඩිදුරටත් සඳහන් කර සිටියා.