රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය අද ( 03) දෙවන දිනටත් ක්‍රියාත්මකවනවා.
රෝහල් අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කළා.
මෙම වැඩ වර්ජනය නිසා හදිසි හා ජීවිතාරක්ෂක ප්‍රතිකාර සේවා හැර අනෙකුත් සියලුම දෛනික ප්‍රතිකාර සේවා අඩාල වී තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය මේ ගැටලුවට මෙතෙක් විසඳුමක් ලබා නොදීම හේතුවෙන් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ.