මාළිගාවත්තේ වෙඩි තැබීමක්

මාළිගාවත්තේ ජුම්මා මස්ජීඩ් මාර්ගයේ දී වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.

ව්‍යාපාරික ස්ථානයක සිටි තරුණයෙකු ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම තරුණයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු T-56 ගිනි අවියක් භාවිත කරමින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.