159 වන පොලිස් දින සැමරුම අදට යෙදී තිබෙනවා.
නීතිය සුරකිමු සාමය අගයමු යන තේමාවෙනුයි මෙවර පොලිස් දිනය සැමරෙන්නේ. 1866 වසරේ සැප්තැම්බර් මස 03 වනදා ව්‍යස්ථාපිතව පොලිස් දෙපාර්තමේන්තුව ආරම්භ කෙරුණා.
159 වන පොලිස් දිනය වෙනුවෙන් අද පස්වරුවේ තිඹිරිගස්යායා පොලිස් ක්‍රීඩාංගණයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් විශේෂ උත්සවයක් පැවැත්වෙනවා.
උත්සවය පැවැත්වෙන කාලසීමාව තුළ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ.
ඒ අනුව පස්වරු 02 සිට පස්වරු 07 දක්වා තුම්මුල්ල මංසන්ධියේ සිට තිඹිරිගස්යාය මංසන්ධිය දක්වා හැව්ලොක් මාර්ගයේ බර වාහන ගමනාගමනය සීමා කරනු ඇති.