අද සවස හයිලෙවල් මාර්ගයේ කොටසකට බර වාහන ඇතුළු කිරීම සීමා කෙරේ

අද පස්වරු 2 සිට 7 දක්වා තුන්මුල්ල හන්දියේ සිට තිඹිරිගස්යාය දක්වා හයිලෙවල් මාර්ගයට බර වාහන ඇතුළු කිරීම සීමා කර තිබෙනවා.

පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොලිසියේ 159 වන සංවත්සර සැමරුම හේතුවෙනුයි මෙසේ සීමා කර ඇත්තේ.