වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ගැන විමර්ශනයක් ආරම්භ කරයි

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, ඔහු විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් මාධ්‍යයට කරන ලද ප්‍රකාශ පිළිබඳව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.

අමාත්‍යාංශ විමර්ශන ඒකකය මගින් එම පරීක්ෂණ සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.