රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් අද සංකේත වැඩ වර්ජනයක

අද (02) දිනයේ රත්නපුර ශික්ෂණ රෝහලේ සංකේත වැඩ වර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

රෝහල් අධ්‍යක්ෂවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

ඒ අනුව, අද උදෑසන 8.00 සිට හෙට උදෑසන 8.00 දක්වා එම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර ඇති අතර, රත්නපුර ශික්ෂණ රෝහල තුළ හදිසි සහ ජීවිතාරක්ෂක ප්‍රතිකාර සේවා එලෙසම පවත්වාගෙන යන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.