159 වන පොලිස් දිනය වෙනුවෙන් පොලිස් ක්ෂේත්ර බළකා මූලස්ථානයේදී විශේෂ සැමරුම් උත්සවයක් පැවැත්වීම හේතුවෙන්, හෙට (03) විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත්මක වන බව පොලීසිය පවසනවා.
එම රථවාහන සැලැස්මට අනුව, බම්බලපිටිය පොලිස් වසමේ තුම්මුල්ල හන්දියේ සිට තිඹිරිගස්යාය හන්දිය දක්වා, හැව්ලොක් මාර්ගයේ රථවාහන ගමනාගමනය සඳහා මෙම සැලැස්ම ක්රියාත්මක කිරීමට නියමිත බවයි පොලීසිය ප්රකාශ කළේ.
ඒ අනුව, පොලිස් ක්ෂේත්ර බළකා මූලස්ථානය ඉදිරිපිට කොළඹින් පිටවීමේ මාර්ගයේ පිහිටි බස් නැවතුම තාවකාලිකව හෙට පස්වරු 2.30 සිට පස්වරු 7.00 දක්වා හැව්ලොක් පාරේ ෆොන්සේකා පාර හන්දියේ පිහිටි බස් නැවතුම වෙත රැගෙන ගොස් තිබෙනවා.
එසේම, හෙට දින පස්වරු 2.00 සිට පස්වරු 7.00 දක්වා, බම්බලපිටිය පොලිස් වසමේ තුම්මුල්ල හන්දියේ සිට තිඹිරිගස්යාය හන්දිය දක්වා හැව්ලොක් මාර්ගයේ බර වාහන ගමනාගමනය (කන්ටේනර් රථ හා ටිපර් රථ) සීමා කිරීමද සිදු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
