ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 74 වැනි සංවත්සරය අදට (02) යෙදී තිබෙනවා.
සිය පක්ෂ සංවත්සර සැමරුම් උත්සවය අද පස්වරුවේදී පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක සඳහන් කළේ.
ඒ සඳහා ආසන සංවිධායකවරුන්ට හා පක්ෂයේ ක්‍රියාකාරීන්ට ආරාධනා කර ඇති බවද ඔහු පවසා සිටියා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරයත් සමඟම, පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.