විරෝධතාවයක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල මංතීරුවක් අවහිරයි

11.25 am – අද දෙරණ වාර්තාකරු පැවසුවේ මීට සුළු මෙහොතකට පෙර සාකච්ඡාවක් සඳහා විරෝධතාවයේ නියැලුනු පිරිසෙන් 6 දෙනෙකු ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුලට ගිය බවය.


විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල එක් මංතීරුවක් අවහිර වී ඇතැයි ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.

එලෙස අවහිර වී ඇත්තේ, ගෝල්ෆේස් සිට කොල්ලුපිටිය දෙසට වූ මංතීරුවයි.