රටේ ප්‍රබල යැයි සඳහන් වූ දේශපාලන පක්ෂ කුඩු වී, සුනු විසුනු වී ගිය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.
ඒ අනුව, සමහර දේශපාලනඥයින් ආගිය අතක් හෝ සොයා ගැනීමට නොහැකි බවත්, සමහර දේශපාලනඥයින් ටිකෙන් ටික ‘වැලිකඩ පැත්තෙන්’ මතුවන බවයි උත්සවයක් අමතමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
වත්මන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බලයට පැමිණියේ ‘පුනරුදය එක මිටට’ කියා බවත්, එහෙත් අද සිදු වී ඇත්තේ විපක්ෂය එක මිටට එකතු වීම බවත් ඔහු ප්‍රකාශ කළා.
ඔවුන් එලෙස එක් වී ඇත්තේ ඔවුන්ගේ නඩුවලින් බේරීමට බවද, තමාව සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉවත් කිරීම හේතුවෙන්, තමන්ට ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම ආදියෙන් ගැලවී සිටීමට හැකි වූ බවද ඔහු සඳහන් කළා.
ඔවුන් සිදු කරන්නේ විනෝදයක්, මුදල් උපයන මාර්ගයක් ලෙස සිදු කරන දේශපාලනයක් බවත්, හොඳට එක් වී, කා බී, හොඳ ව්‍යාපාරයක් සිදු කරගෙන, ආණ්ඩුව තුළ කුමක් හෝ අවභාවිතා කිරීමක් සිදු කිරීම බවත්, කුමක් හෝ සල්ලාල වැඩක්, බේබදු වැඩක් සිදු කිරීම බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.