දශක හතක මිත්‍රත්වය ශක්තිමත් කරමින් සහ සහයෝගීතාවයේ නව යුගයක් ආරම්භ කරමින් ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතා නියෝජ්‍ය අමාත්‍ය මාරියා ත්‍රිපෝඩි අද සිට සැප්තැම්බර් 5 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වනවා.
මෙම සංචාරය දශකයකට ආසන්න කාලයකදී ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ඉහළම මට්ටමේ සංචාරය සනිටුහන් කරනවා.
ඇයගේ සංචාරය අතරතුර, නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, නියෝජ්‍ය අමාත්‍ය ත්‍රිපෝඩි සමඟ එක්ව ශ්‍රී ලංකා – ඉතාලි දේශපාලන සමාරම්භක සැසිවාරයේ සම-සභාපතිත්වය දරනවා.
මෙම අවස්ථාවේදී, දෙරට අතර සංවාදය සඳහා ව්‍යුහගත රාමුවක් සපයන දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1952 දී ස්ථාපිත කරන ලද අතර, මෙම නව යාන්ත්‍රණය දෙරට අතර දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් වනවා.
නියෝජ්‍ය අමාත්‍ය ත්‍රිපෝඩි අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ද හමුවීමට නියමිතයි.