සමන් ඒකනායකව අද යළි CIDයට කැඳවයි

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකව අද (01) යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.

ඒ අනුව, අද පෙරවරු 9.00ට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බවයි සඳහන් වන්නේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ සිදු කළ සංචාරයට අදාළව සිදු කරන විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමට මෙම කැඳවීම සිදු කර ඇති බව වැඩිදුරටත් සඳහන් වෙනවා.