පාර්ලිමේන්තුවේ ආහාරවල සෞඛ්යාරක්ෂිතභාවය වැඩි කිරීමට අදාළ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට පාර්ලිමේන්තු ගෘහ්‍ය කාරක සභාවේදී තීරණය කර තිබෙනවා.
කථානායකවරයාගේ ඉල්ලීම පරිදි, බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ ප්‍රධානත්වයෙන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පාර්ලිමේන්තු පරිශ්‍රයේ ආහාර පිළියෙල කිරීමට අදාළ මුළුතැන්ගෙය ඇතුළු ස්ථාන පසුගිය අප්‍රේල් මාසයේදී පරීක්ෂා කිරීම සිදු කෙරුණු බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඊට අදාළ නිරීක්ෂණ ඇතුළත් වාර්තාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ගෘහ්‍ය කාරක සභාවට සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීම ද සිදු කර තිබෙනවා.
බත්තරමුල්ල ප්‍රදේශයේ රාජ්‍ය ආයතන 150කට ආසන්න ප්‍රමාණයක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් විමර්ශනය කළද, පාර්ලිමේන්තුවේ ආහාරවල සුරක්ෂිතභාවය පිළිබඳ නිරීක්ෂණයට එක් වූයේ පළමු වරට බවත්, ඒ සඳහා මැදිහත් වූ කථානායකවරයාට ස්තූතිය පළ කරන බවයි මෙහිදී අදහස් දක්වමින් බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වයි.බී. ඉන්දික පැවසුවේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන්, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ ඇතුළු සේවකයන් සඳහා පාර්ලිමේන්තුව විසින් ආහාරපාන සපයන නිසා, ඒවායේ සෞඛ්යාරක්ෂිතභාවය තහවුරු කිරීමේ අවශ්‍යතාව කථානායකවරයා විසින් මෙහිදී අවධාරණය කර ඇති අතර, පාර්ලිමේන්තුවේ ආහාර අංශයේ පවතින යටිතල පහසුකම්වල අඩුපාඩු මෙන්ම, අනෙකුත් ගැටලු කඩිනමින් මඟ හරවා ගැනීමට අදාළ යෝජනා සකස් කිරීම සඳහා මෙම කමිටුව පත් කරන බවද කථානායකවරයා පවසා තිබෙනවා.
ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ මුළුතැන්ගෙයි කටයුතු පිළිබඳ විශේෂඥ දැනුමැති ඉංජිනේරුවෙකු, ගෘහ නිර්මාණ ශිල්පියෙකු, පාර්ලිමේන්තුවේ ආහාරපාන හා ගෘහ පාලන සේවා අධ්යක්ෂවරයා සහ පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ ඉංජිනේරුවරයා මෙම කමිටුවට ඇතුළත් විය යුතු බවට යෝජනා වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.