UPDATE : සමන් ඒකනායකට අද CID වෙත නොපැමිණෙන ලෙස දන්වයි

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට අද (01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටින ලෙස දැනුම් දී ඇති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය අංශය පවසනවා.

හිටපු ජනාධිපතිවරයා එංගලන්තයේ සිදු කළ සංචාරයට අදාළව සිදු කරන විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමට, අද පෙරවරු 9.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට මීට පෙර දැනුම් දී තිබුණා.