2026 වසර සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම අද සිට ඇරඹේ

2026 වසර සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම අද (01) සිට ආරම්භ වන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, දෙසැම්බර් 31 වැනිදා දක්වා ඒ සඳහා අවස්ථාව පවතින අතර, ඊට අදාළ අයදුම්පත් ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවයි සඳහන් වන්නේ.

2026/2027 වසර සඳහා පෞද්ගලික ආරක්ෂක නියෝජිතායතන ලියාපදිංචිය හා අලුත් කිරීමේ කටයුතු ද අද ආරම්භ වන අතර, එම සේවාවද දෙසැම්බර් 31 වැනිදා දක්වා ක්‍රියාත්මකයි. 

එසේම, එම කාලසීමාවෙන් පසු සිදු කරන අලුත් කිරීම් සඳහා ප්‍රමාද ගාස්තු සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද සිදු වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.