ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 74 වැනි සංවත්සරය හෙටයි

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගය මුල් කර ගනිමින් 1951 සැප්තැම්බර් 2 වැනිදා එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක විසින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෙට (02) සිය 74 වැනි සංවත්සරය සමරනු ලබනවා.

ඒ අනුව, එහි සැමරුම් උත්සවය හෙට පස්වරු 2.00ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

මෙම අවස්ථාව පක්ෂයේ සභාපති නීතිඥ නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් සහ අනෙකුත් සහෝදර පක්ෂවල නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එම අවස්ථාවට පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන්, පළාත් පාලන නියෝජිතයන්, සහ පක්ෂයේ අනුබද්ධ සංවිධානවල නිලධාරීන් සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ.