හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවක් වැඩිදුර විභාගය සඳහා නොවැම්බර් 10 වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව, අදාළ පැමිණිල්ල අද (01) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.
ඉන් අනතුරුව, මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 10 වැනිදා කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
2016 පෙබරවාරි 06 වැනිදා කොළඹ තුන්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටදී, එහි මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීමට විරෝධය පළ කරමින්, මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක නිරතවීම තුළින් මහජන පීඩාවක් වන ආකාරයෙන් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශට චෝදනා එල්ල වී තිබෙනවා.