රට විරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස්ගත වී සිටින ශ්‍රමිකයන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට අතදීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.

ඉදිරියේදී ශිෂ්‍යත්වලාභීන් 1628 දෙනෙකුට රුපියල් මිලියන 50.88ක වටිනාකමින් යුත් ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතයි.

මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි ශ්‍රමිකයන්ගේ දූ දරුවන් 84 දෙනෙකු සඳහා රුපියල් මිලියන 2.655ක වටිනාකමකින් යුත් ශිෂ්‍යත්ව අගෝස්තු 31 වන දා කාර්යාංශ ශ්‍රවණාගාරයේදී බෙදා දෙනු ලැබුවා.

මෙම ශිෂ්‍යත්ව යටතේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් 17 දෙනෙකුට රුපියල් 25,000 බැගින් ද, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත් දරුවන් 45 දෙනෙකුට රුපියල් 30,000 බැගින් ද, උසස් පෙළ විභාගය සමත් දරුවන් 22 දෙනෙකුට රුපියල් 40,000 බැගින් ද මුදල් පිරිනමා තිබෙනවා.