බො‍රැල්ල ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමක් ගැන දැනුම්දීමක්

බො‍රැල්ල පොලිස් වසමේ රථවාහන ගමනාගමනය සීමා කිරීමක් සම්බන්ධයෙන් පොලීසිය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව, බොරැල්ල දේවි බාලිකා වටරවුමේ සිට ඩී.එස්. සේනානායක හන්දිය දක්වා කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ පළමු සහ දෙවන මං තීරු අද (01) රාත්‍රි 7.00 සිට වසා තැබෙන බවයි සඳහන් වෙන්නේ.

අදාළ මාර්ගයේ ගිලා බැසීමේ අවධානමක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.