බස් ගාස්තු සංශෝධනයක් නැහැ – ජාතික ප්‍රවාහන කොමිසම

ඉන්ධන මිල සංශෝධනය වුවද, බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ප්‍රවාහන කොමිසන් සභාව පවසනවා.

සැප්තැම්බර් මාසයට අදාළව ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු වූ අතර, එහිදී සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 6.00 කින් පහළ ගොස් තිබුණා.