ආනන්ද විජේපාල ඇමතිවරයාට අපහාස වන පරිදි සකස් කළ ඡායාරූප හා ප්‍රවෘත්ති ගැන විමර්ශනයක් – පොලිසිය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාලට අපහාස වන පරිදි ව්‍යාජ ප්‍රවෘත්ති සහ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඉන්දුනීසියාවේ සැඟව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ආ අවස්ථාවේදී, එම මෙහෙයුමට දායක වූ පොලිස් නිලධාරීන් ඇගයීම සඳහා අමාත්‍යවරයා ගුවන් තොටුපළ පරිශ්‍රය වෙත පැමිණ සිටි අතර, මෙම අවස්ථාවට අදාළව ව්‍යාජ ලෙස සකස් කරන ලද අමාත්‍යවරයාගේ ඡායාරූප සහ අපහාසාත්මක හා ද්වේශ සහගත ප්‍රවෘත්ති සමාජ මාධ්‍යවල පළවීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

අමාත්‍යවරයාට අපහාස කිරීමේ අරමුණින් ද්වේශ සහගත හා අපහාසාත්මක ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති හා ඡායාරූප පළ කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම්වරයා පැමිණිල්ලක් කර ඇති අතර, ඒ අනුව පොලිස්පතිවරයා විසින් මෙම ව්‍යාජ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ නිවේදනය පහතින්.

 news images news images