අධිවේගී මාර්ගයේදී ආසන පටි පැළඳීම අද සිට අනිවාර්යයි

අද (01) සිට අධිවේගී මාර්ගවල ධාවනය වන සියලුම වාහනවල ඉදිරිපස සහ පසුපස යන සියලුම ආසනවල සිටින මගීන්ට ආසන පටි පැළඳීම අනිවාර්ය කර තිබෙනවා.

ආසන පටි නොමැති වාහන සඳහා, ඒවා සවි කර ගැනීම සඳහා මාස 3ක සහන කාලයක් ලබා දෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.