වෙන්නප්පුවේ වෙඩි තැබීමක්

වෙන්නප්පුව පොලීසිය ආසන්නයේ පිහිටි වැව පාර ප්‍රදේශයේදී අද (31) පෙරවරු 10.30ට පමණ වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා.

ඒ අනුව, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයෙකු අනතුරකට ලක් කර, පසුව යතුරුපැදියේ පැමිණි දෙදෙනාට තියුණු ආයුධයකින් පහර දී වෙඩි තබා ඇති බවයි සඳහන් වන්නේ.

සිද්ධියෙන් යතුරුපැදියේ පැමිණි එක් පුද්ගලයෙක් වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇති අතර, තවත් පුද්ගලයෙක් තුවාල ලබා පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

රිවෝල්වර වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වනවා.