තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබෙනවා.
ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව තාවකාලිකව අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඔහුගේ නීතිඥවරුන් විසින් ඉල්ලීමක් කළද, මහාධිකරණය එම නියෝගය නිකුත් නොකළ අතර, වගඋත්තරකාර අල්ලස් කොමිසම වෙත නොතීසි පමණක් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
එසේම, රාජිත සේනාරත්න හෙට (29) අනිවාර්යයෙන්ම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින බවද ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණයට ප්‍රකාශ කර තිබෙනවා.
අනතුරුව, එම පෙත්සම සැප්තැම්බර් 10 වැනිදා කැඳවීමට නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.