ලංගම වෘත්තීය සංගම් කිහිපයක් වැඩවර්ජනයක් ආරම්භ කරයි

ඉල්ලීම් හතරක් මුල්කර ගනිමින් ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සංගම් කිහිපයක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව පෞද්ගලික බස් රථ සමග ඒකාබද්ධ කාලසටහනකට අනුව ධාවනය කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් හේතුවෙන් මෙම වර්ජනය ආරම්භ කළ බවයි ලංගම සමගි සේවක සංගමයේ සභාපති නිරෝෂන් සම්පත් ප්‍රේමරත්න ප්‍රකාශ කළේ.

වෘත්තීය සමිති විසින් සිදුකරන ඉල්ලීම් බහුතරයක් මේ වන විටත් ලබා දී අවසන් බැවින් මෙම වර්ජනය අසාධාරණ බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන ප්‍රකාශ කලා.