සුහුරු පාසල්වලට ස්මාර්ට් බෝඩ් ( සුහුරු පුවරු) ලබා දීම සඳහා පසුගිය ජනාධිපතිවරණ සමයේදී අධ්‍යාපන හා විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කළ වැඩසටහනක් මඟින් රුපියල් බිලියන 1.4ක මුදලක් අවභාවිත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මේ වැඩසටහන සඳහා අවශ්‍ය මිලදී ගැනීම් සිදුකර ඇත්තේ හදිසි මිලදී ගැනීම් ලෙස ජනාධිපතිවරණයට සති දෙකකට පෙර බව පැවසේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මේ විමර්ශනය ආරම්භ කර ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් මහතා විසින් කරන ලද පැමිණිල්ලක් අනුවය.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් බන්දුල හේරත් මහතාගෙන් ඒ සම්බන්ධව කරුණු විමසීමට අල්ලස් කොමිසමට ඊයේ (27) කැඳවා තිබූ අතර කොමිසම ඒ මහතාගෙන් පැය පහක පමණ කාලයක් එහිදී ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
අල්ලස් කොමිසමේ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අධ්යක්ෂ ජනරාල් බන්දුල හේරත් මහතා මෙසේ කීවේය.
“අද කොමිෂන් සභාවට ආවේ 2024 ප්‍රසම්පාදනයක් සම්බන්ධයෙන් දැනුම්වත් කරන්න. අපි මුලින්ම සුහුරු පාසල්වල සුහුරු පන්ති සඳහා ස්මාර්ට් බෝඩ් හා තවත් උපකරණ කිහිපයක් මිලදී ගැනීම සඳහා විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය එකතු වෙලා ඊට අදාළ පරිගණක ඇතුළු උපාංග විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අරමුදලක් යටතේ මිලදී ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ මිලදී ගැනීම සඳහා වූ බිලියන එකයි දශම හතරකට අධික මුදලක් ලබා ගැනීම සඳහායි. බදු නැතුව මේ වෙනකොට ඒ සඳහා බිලියන 1.06ක මුදලක් වියදම් කරලා තිබෙනවා. තවත් මිලියන 700කට අධික බදු සහිත මුදලක් ඒ කාරණයට ගෙවීමට තිබෙනවා. ජනාධිපතිවරණයට සති දෙකකට පෙර විවෘතභාවයක් හෝ නැතිව දවස් පහක් වැනි කෙටි කාලයක් ඇතුළත ඒ අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමක් සිදු කළා. මේ ප්‍රසම්පාදනයේ විවෘත භාවයක් නැතිකම සහ ප්‍රශ්න සහගත තැන් කීපයක් තිබෙනවා. එය නිරාකරණය කිරීම සඳහා අල්ලස් කොමිසමට පැමිණිලි කළා. ගම්බද පාසල්වල සුහුරු පන්ති ඇති කිරීම මඟින් තාක්ෂණ විෂය ගමට ගෙන යාම මේ වැඩසටහනේ අරමුණ වුණා. එය ඉතා වැදගත් දෙයක්. මෙහිදී ඉතා අත්‍යවශ්‍ය දෙයක් තමයි දත්ත ගබඩාව කියන්නෙ. දත්ත ගබඩාවක් නැතුව ව්‍යාපෘතිය සාර්ථක කිරීම අපහසුයි.
පහුගිය ලිපි සමඟ බලනකොට පෙනී ගියා මීට ප්‍රථම ආධාරයක් මගින් smart board 500ක් සහ දත්ත ගබඩාවක් ලබා දෙන්න සූදානමක් තිබුණු බව. ඒ දත්ත ගබඩාව සමඟ සුහුරු බෝඩ් තුන්දාහක් සම්බන්ධ කිරීමේ හැකියාව තිබිලා තියෙනවා. ඒ දත්ත ගබඩාව අරමුණු කරගෙන තමයි මේ බෝඩ් මිලදීගෙන තිබෙන්නේ. ඒ දත්ත ගබඩාව නැතිකම නිසා මේ ව්‍යාපෘතිය තවමත් හරියාකාරව කරගෙන යන්න බැරි වෙලා තියෙන බවයි මගේ අදහස වන්නේ. මේ සම්බන්ධයෙන් සියයට සියයක් තොරතුරු අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනගන්න පුළුවන්. අපි මිලදී ගැනීම සඳහා පමණයි සම්බන්ධ වෙන්නේ. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුවේ අධ්‍යාපන අමාත්‍යාංශය මගිනුයි. මූලික ප්‍රසම්පාදන කටයුතු සඳහා පියවර අරන් තියෙන්නේ 2024 ජුනි මාසයේදීයි. අධ්‍යාපන අමාත්‍යංශය සහ තාක්ෂණ අමාත්‍යංශය මේ කැබිනට් පත්‍රිකාව දාන්න කලින් චීනයෙන් smart board සහ දත්ත ගබඩාවක් ලබා දෙන බවට අදාළ ලිපි ලේඛන තිබුණා. අවුරුද්දකට වැඩි කාලයක් මේවා පාවිච්චි නොකර තිබුණා.