රැකියා විරහිත උපාධිධාරීන් ගුරුවරුන් ලෙස බඳවා ගැනීම පමා වීමට හේතුවක් වූ, ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පැවති නඩු හතරක අධිකරණ ක්‍රියාවලිය මේ වන විට අවසන් අදියරේ පවතින බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
ඒ අනුව, අදාළ අධිකරණ කටයුතු අවසන් වූ වහාම ගැසට් පත්‍රය නිකුත් කර උපාධිධාරීන්ට ගුරු විභාගයට අයදුම් කිරීමට අවස්ථාව ලබා දීමට කටයුතු කරන බවයි රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ සංගමයේ නියෝජිතයන් සමඟ අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී අගමැතිනිය සඳහන් කළේ.
අවශ්‍ය අනෙකුත් උපාධිධාරී බඳවා ගැනීම් මේ වන විට කැබිනට් අනුමැතිය ලැබී ඇති පරිදිම සිදු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
අදාළ නිවේදනය පහතින්.