කොටුව විරෝධතාවයේදී පොලිස් නිලධාරියෙකුට තුවාල කළ සැකකරු අත්අඩංගුවට

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසල පැවති විරෝධතාවයකදී පොලිස් නිලධාරියෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 52 හැවිරිදි නාගොඩ, කළුතර ප්‍රදේශයේ පදිංචි හිටපු නගර සභා මන්ත්‍රීවරයෙක් බවයි පොලීසිය සඳහන් කළේ.

පසුගිය 26 වැනිදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ නඩුව විභාගයට ගන්නා අවස්ථාවේදී, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසල රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට බෝතලයකින් පහර දී තුවාල සිදු කිරීම සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිදුවීම්වලට අදාළව මොහුව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද (28) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අදාළ නිවේදනය පහතින්.