කුලියාපිටිය, විලපොළ පාලම ආසන්නයේදී අද (27) උදෑසන සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුරින් තවත් 13 දෙනෙකු තුවාල ලබා ඇති බවයි සඳහන් වෙන්නේ.
පාසල් වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.