නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ජනතාවගේ විශේෂ සතුටක් තියෙනවා – විජිත හේරත්

නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වීමේ අවස්ථාවක් ජනතාවට දැක බලා ගැනීමට මේ වන විට අවස්ථාව උදා වී ඇති බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඒ අනුව, මෙරට ජනතාව බොහෝ කාලයක් පුරාවට නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වනු ඇති බවට බලාපොරොත්තුවෙන් සිටි බවත්, නමුත් එය ක්‍රියාත්මක නොවූ බවයි අද (27) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ජනතාවගේ සතුටක් ඇති බවද, ඉදිරියටත් නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වනු ඇති බවට බලාපොරොත්තුවෙන් සිටින බවද ඔහු ප්‍රකාශ කළා.

මෙය කිසිම දේශපාලන පළිගැනීමක් හෝ පුද්ගලික පළිගැනීමක් නොවන බවත්, ව්‍යවස්ථා ඒකාධිපතිත්වයකට යනවා නම් එය කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් බවත්, පාලකයන් විසින් එසේ සිදුකරන ආකාරය ඉතිහාසය පුරා දැක ඇති බවයි අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.