කුලියාපිටිය, පල්ලේවෙල ප්රදේශයේදී මාදම්පේ දෙස සිට කුලියාපිටිය දෙසට ධාවනය වූ පාසල් ළමුන් රැගත් වෑන් රථයක් ඊට ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් අද සිදු වූ අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කුලියාපිටිය විලපොළ මංසන්ධියේ පල්ලේවෙල පාලම මතදී ටිපර් රථයක් හා පාසල් වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී අද (27) උදෑසන 7.00 ට පමණ සිදුවූ මෙම අනතුරෙන් සිසුවියන් දෙදෙනෙකු හා වෑන් රථයේ රියදුරු මියගොස් තිබුණා.
එසේම, තුවාල ලැබූ සිසු සිසුවියන් 13 දෙනෙකු රෝහල්ගතව ප්රතිකාර ලබමින් පසු වන බවයි සඳහන් වෙන්නේ.