අගෝස්තු මාසයට අදාළව, අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනාව අද (27) බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
ඒ අනුව, රුපියල් කෝටි 299ක මුදලක්, ප්‍රතිලාභීන් 599,730 ක් අතරේ බෙදා හැරීමට නියමිත බවයි එම මණ්ඩලය නිවේදනය කළේ.
අද දිනයේ සිට බැංකු ගිණුම්වලින් අදාළ වැඩිහිටි දීමනාව ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.