දේශබන්දුට ඇප

ගාලු මුවදොර අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇප මත මුදා හරින ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව, අද (27) අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.