දඹුල්ලේදී වාහන 5 ක් එකිනෙක ගැටී අනතුරක්

කොළඹ – ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ දඹුල්ල, පොහොරන්වැව ප්‍රදේශයේදී රථ වාහන පහක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

ඒ අනුව, කොළඹ සිට දඹුල්ල දෙසට ධාවනය වූ වාහන තුනක් සහ දඹුල්ල සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරියක් හා කාර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

අනතුර සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.