දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉරි තැලීම් ඇති වූ කොටසක් ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ දොඩංගොඩ අතර 19 වැනි කිලෝමීටරයේ සිට 34 වැනි කිලෝමීටරය දක්වා වූ ප්‍රදේශය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

අදාළ ප්‍රදේශයේ පුළුල් පෘෂ්ඨික ඉරි තැලීම් සහ අභ්‍යන්තර ව්‍යුහාත්මක ස්ථරවල හායනයන් සිදු වී ඇති බව නිරීක්ෂණය කර ඇති අතර, එබැවින්, එකී මාර්ග කොටස ප්‍රතිසංස්කරණය කිරීම, පාදමේ බිඳ වැටීම් දෝෂාපහරණය සහ නව ආස්තරණයක් යෙදීම සිදු කළ යුතු බවට හඳුනාගෙන තිබෙන බවයි සඳහන් වන්නේ. 

ඒ සඳහා, ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් සුදුසුකම්ලත් දේශීය ආයතන වෙතින් ලංසු කැඳවා තිබෙනවා.

ලැබී ඇති ලංසු ඇගයීමෙන් පසු, අවම ලංසුකරු වන Maga Engineering (Pvt.) Ltd. වෙත කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට නිර්දේශ කර ඇති අතර, ඒ අනුව, එම කොන්ත්‍රාත්තුව අදාළ සමාගම වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

 news images