ආනයනික අල සහ ලූනු සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දමයි

ආනයනික අර්තාපල් සහ බොම්බයි ලූනු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබූ රුපියල් 60ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 80 දක්වා ඉහළ දමා ඇති බවයි සඳහන් වන්නේ.

එමෙන්ම, ආනයනික බොම්බයි ලූනු කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 10 ක් ලෙස පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 40 කින් ඉහළ දමා ඇති අතර, එහි නව බදු අගය රුපියල් 50 ලෙසයි දැක්වෙන්නේ.

මෙම බදු සංශෝධනය ඊයේ (26) දිනයේ සිට මාස 03ක කාලසීමාවක් සඳහා බල පැවැත්වෙන බවත්, මෙරට දේශීය අර්තාපල් සහ බොම්බයි ලූනු ගොවියා ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.