ශෂීන්ද්‍ර යළි රිමාන්ඩ්

ශ්‍රී ලංකා මහ­වැලි අධි­කා­රි­යට අයත් සෙව­ණ­ගල ප්‍රදේ­ශයේ පිහිටි ඉඩ­මක අන­ව­ස­ර­යෙන් ඉදි­කර තිබූ ගොඩ­නැ­ඟි­ල්ලක් ඇතුළු දේපළ ඉකුත් අර­ගල සමයේ විනා­ශ­යට පත් වීමෙන් අන­තු­රුව හානි පූර්ණ කාර්යා­ලය නිල­ධා­රීන්ට බල­පෑම් කර එම දේපළ වෙනු­වෙන් රුපි­යල් 8,850,000ක වන්දි ලබා ගත් බව කියන සිද්ධිය සම්බ­න්ධ­යෙන් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජ­පක්ෂ අගෝස්තු 29දා දක්වා තව­දු­ර­ටත් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අසංග එස් බෝද­ර­ගම මහතා ඊයේ (26) නියෝග කළේය.

මෙම වංචා සහ­ගත සිද්ධි­යට මහ­වැලි අධි­කා­රියේ නිල­ධා­රීන් කිහි­ප­දෙ­නකු සම්බ­න්ධව ඇති බවට දැනට කෙරෙන විම­ර්ශ­න­ව­ලට අනුව අනා­ව­ර­ණය වෙමින් පව­තින බැවින් ඔවුන් සියලු දෙනා අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට පිය­වර ගන්නා බව ද අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට දැන්වීය.

ශ්‍රී ලංකා මහ­වැලි අධි­කා­රි­යට අයත් සෙව­ණ­ගල, කිරි­ඉ­බ්බ­න්වැව ප්‍රදේ­ශයේ පිහිටි ඉඩ­මක අන­ව­ස­ර­යෙන් ඉදි­කර ඇති ගොඩ­නැ­ඟිල්ල ඇතුළු දේපළ 2022.05.09 වැනි දින ඇති වූ ජනතා අර­ග­ල­යේදී හානි­යට පත්වී­මෙන් පසු එකී දේපළ සඳහා වන්දි ගෙවී­මේදී එම දේපළ ශ්‍රී ලංකා මහ­වැලි අධි­කා­රිය සතු දේප­ළක් බවට හඳුනා ගෙන අදාළ වන්දි ගෙවීම ප්‍රති­ක්ෂේප කර තිබෙන බව අල්ලස් කොමි­සමේ නීති අංශයේ සහ­කාර අධ්‍යක්ෂ සුලෝ­චනා හෙට්ටි­ආ­රච්චි මහ­ත්මිය අධි­ක­ර­ණය හමුවේ සඳ­හන් කළාය.

වන්දි ගෙවීම ප්‍රති­ක්ෂේප කර තිබිය දී ඊට පට­හැ­ණිව හානි පූර්ණය සඳහා වන කාර්යා­ල­යට අනු­යු­ක්තව කට­යුතු කළ සම­හර රජයේ නිල­ධා­රීන්ට තම නිල බලය භාවිත කර­මින් බල­පෑම් සිදු කර, වන්දි ලබා­ගැ­නී­මෙන් දූෂ­ණය නමැති වරද සිදු­කි­රීම සහ කුම­න්ත්‍ර­ණය කිරීම යටතේ මෙම සැක­ක­රුට නඩු පවරා ඇති බවත් ඇය පැව­සු­වාය.

මෙම දේපළ මහ­වැලි අධි­කා­රිය සතු ඉඩ­මක පැවැති බැවින් මහ­වැලි අධි­කා­රිය සතු දේප­ළක් සාප­රාධී සාවද්‍ය පරි­හ­ර­ණය තුළින් 1999 අංක 28 දරන පන­තින් සංශෝ­ධිත 1982 අංක 12 දරන පොදු දේපළ විෂ­යෙ­හිලා සිදු කරනු ලබන වැරදි පිළි­බඳ 5(1) වග­න්තිය ප්‍රකා­රව දඬු­වම් ලැබිය හැකි වර­දක් සම්බ­න්ධ­යෙන් වන චෝදනා මත මෙම සැක­කරු අත්අ­ඩං­ගු­වට අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ බව සහ­කාර අධ්‍යක්ෂ නීති සුලෝ­චනා හෙට්ටි­ආ­රච්චි මහ­ත්මිය සහ ප්‍රධාන පොලිස් පරී­ක්ෂක අබේ­සිංහ මහතා සඳ­හන් සඳ­හන් කරනු ලැබූහ. ශ්‍රී ලංකා මහ­වැලි අධි­කා­රි­යට අයත් සෙව­ණ­ගල ලිපි­නයේ පිහිටි මහ­වැලි අධි­කා­රි­යට අයත් ඉඩ­මක එව­කට වාරි­මාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජ­පක්ෂ යන අය ඉදි­කර ඇති ගොඩ­නැ­ඟිල්ල ඇතුළු දේපළ 2022.5.9 දින ඇති වූ ජනතා අර­ග­ලයේ දී ගිනි තබා හානි­යට පත්කර තිබෙන බවත් ඒ හානි­යට පත් කරන ලද දේපළ සඳහා වන්දි ගෙවීමේ දී එම ඉඩම සහ දේපළ ශ්‍රී ලංකා මහ­වැලි අධි­කා­රිය සතු ඉඩ­මක් බවට හඳු­නා­ගෙන ඇති බැවින් වන්දි ගෙවීම අමාත්‍ය මණ්ඩල විසින් රාජ්‍ය පරි­පා­ලන අමා­ත්‍යාං­ශය යටතේ විශේෂ වන්දි කමි­ටුව විසින් හා හානි පූර්ණ පිළි­බඳ කාර්යා­ලයේ අධ්‍යක්ෂ මණ්ඩ­ලය විසින් ප්‍රති­ක්ෂේප කර තිබෙන බවත් සිද්ධිය සම්බ­න්ධ­යෙන් වැඩි­දු­ර­ටත් කරුණු දැක්වූ සහ­කාර අධ්‍යක්ෂ නීති සුලෝ­චනා මහ­ත්මිය සඳ­හන් කරනු ලැබු­වාය.

ඊට පට­හැණිව ශ්‍රී ලංකා මහ­වැලි අධි­කා­රිය හා හානි පූර්ණ පිළි­බඳ කාර්යා­ල­යට තම නිල බලය භාවිත කර­මින් බල­පෑම් කර වන්දි ලබා ගනි­මින් සැක­කරු දූෂ­ණය නමැති වරද සිදු කර තිබෙන බව විම­ර්ශන නිල­ධා­රීන් අධි­ක­ර­ණට දැන්වීය.

සැක­කාර පුද්ග­ලයා අල්ලස් කොමි­සම මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ කුම­න්ත්‍ර­ණ­කාරී ක්‍රියා­ව­කින් නොව එම වංචාව සම්බ­න්ධ­යෙන් ලලිත් දිසා­නා­යක නමැ­ත්තකු කරන ලද පැමි­ණි­ල්ලක් අනුව බව ද අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට පෙන්වා දුන්නාය. සිද්ධි­යට අදාළ මෙම සැක­කරු අවස්ථා දෙකක දී චෙක්පත් දෙකක් යටතේ අසූ අට ලක්ෂ පනස් දාහක වන්දි මුද­ලක් ලබා­ගෙන තිබෙන බව ද සුලෝ­චනා මහ­ත්මිය අධි­ක­ර­ණ­යට දැන්වූ­වාය.

“දූෂණ විරෝධී පනතේ 42/ඇ වග­න්තිය යටතේ සහ පොදු දේපළ පනත යටතේ මෙම සැක­ක­රු­වන්ට දඬු­වම් ලබා දෙන්න පුළු­වන්. මහ­වැලි අධි­කා­රි­යට අයිති ඉඩ­මක අන­ව­ස­ර­යෙන් මෙම ගොඩ­නැ­ඟිල්ල ඉදි­කර ඒ සඳහා මනෝජ් ඒක­නා­යක නමැති තැනැ­ත්තකු අයි­ති­කරු බව පවසා ඔහු යටතේ මෙම වන්දි මුදල ලබා­ගෙන තිබෙ­නවා. ස්වාමීනි. දූෂණ පනතේ එක­සිය තිස් නවය වග­න්තිය යටතේ චංචල දේපළ මෙලෙස නීත්‍ය­නු­කූ­ලව අව­භා­විත කිරීම යටතේ මෙම සැක­කරු රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන්න” යනු­වෙන් සුලෝ­චනා හෙට්ටි­ආ­රච්චි මහ­ත්මිය අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යාය.

සැක­කාර රාජ්‍ය අමා­ත්‍ය­ව­රයා වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා සඳ­හන් කරනු ලැබුවේ, මගේ සේවා දාය­ක­යාට පොදු දේපළ පනත යටතේ නඩු පැව­රිය නොහැකි බැවින් සුදුසු ඇප­යක් මත ඇප ලබා දෙන ලෙසය. දෙපා­ර්ශ්ව­යේම ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලූ මහේ­ස්ත්‍රා­ත්ව­රයා සිද්ධි­යට අදාළ සැක­කාර හිටපු රාජ්‍ය අමා­ත්‍ය­ව­රයා ලබන 29 දක්වා තව­දු­ර­ටත් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙසට නියෝග කළේය.

බන්ධ­නා­ගාර නිල­ධා­රීන් විසින් සැක­කාර අමා­ත්‍ය­ව­රයා කොළඹ රක්ෂිත බන්ධ­නා­ගා­ර­යට ඊයේ (26) සවස රැගෙන ගියේය.

කල්පනි අබේ­සිංහ

ඡායාරූපය – වාසිත පටබැඳිගේ