රාජිත සේනාරත්නගේ දේපළ තහනම් කිරීමට ඉල්ලූ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

වරෙන්තු නිකුත් වී සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ දේපළ තහනම් කරන ලෙස අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව, මෙම නඩුවේ ඉදිරි දිනය වන 29 වැනිදා මෙම ඉල්ලීම සිදු කරන ලෙසට මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට දැනුම් දුන් අතර, එදින මෙම සැකකරු අධිකරණයේ පෙනී නොසිටියහොත් මෙම ඉල්ලීම සිදු කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට ප්‍රකාශ කර තිබෙනවා.

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබා දී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.