මකුළුගස්වැව ප්‍රදේශයේ දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට පහර දී, ඝාතනය කර තිබෙනවා.
මෙම පුද්ගලයා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි අවස්ථාවේදී, තවත් පුද්ගලයෙකු විසින් මාර්ගය හරස් කර නවතා පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඝාතනයට ලක් වී ඇත්තේ, වයස අවුරුදු 59ක් වූ දේවහුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවද පොලීසිය ප්‍රකාශ කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 26 ක නාවික හමුදා සෙබළකු අත්අඩංගුවට ගෙන ඇති අතර, කලක පටන් මරණකරු සමඟ පැවති ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සැකකරු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.