මේ එකතු වෙලා ඉන්න හැම දෙනාටම පුද්ගලික න්‍යාය පත්‍ර තියෙනවා – ඩයනා ගමගේ

රටේ එක නීතියක් තිබිය යුතු බවද, සැමටම එක නීතියක් ක්‍රියාත්මක විය යුතු බවද යන ස්ථාවරයේ තමා සිටින බව හිටපු ඇමතිනී ඩයනා ගමගේ පවසනවා.

සියළු දෙනාම එකට එකතු වී සිටින්නේ හිටපු ජනාධිපති කෙනෙක් ලෙස රනිල් වික්‍රමසිංහ යන නාමයට බවත්, මොවුන් සියළු දෙනාටම පුද්ගලික න්‍යාය පත්‍ර ඇති බවයි ඇය සඳහන් කර සිටියේ.

මේ සියළු දෙනා එදා රට ගැන සිතා එකතු වූවා නම්, මෙවන් දෙයක් සිදු නොවන බවද, මේ ආණ්ඩුව වුවද හරි දේ හරි විදියට සිදු කරනවා නම් රටේ ජනතාව සතුටින් සිටිනු ඇති බවද හිටපු ඇමතිනී ඩයනා ගමගේ පවසා සිටියා.